Colombo Today Local News

අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍යයි. හදිසි නීතිය ඊට උදව් නොවේ – ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ අවධානය ශ්‍රී ලංකාවට

මෙරට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශයට පත් කර තිබේ.

සාමකාමී පුරවැසියන්ගේ හඬට අවධානය යොමුකළ යුතු අතර, ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන සැබෑ අභියෝගවලට මුහුණදී රට යළි සෞභාග්‍යය කරා ගෙන ඒමට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවයි ඇය පවසනවා ඇත.

ඒ සඳහා හදිසි නීතිය පැනවීමෙන් සහාය නොලැබෙනු ඇතැයි ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කරනවා.

මේ අතර යුරෝපා සංගමය ද ඊට අදාළව ප්‍රකාශයක් සිදුකර තිබූ අතර, එහි සඳහන් වන්නේ හදිසි නීතිය රටේ පවතින දුෂ්කරතා විසඳීමට උපකාරී නොවන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවට යළි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ස්විස් ජනරජයේ මෙරට තානාපති Dominik Furgler ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඔහු ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලාංකිකයින් විසින් මෙලෙස සාමකාමී ව විරෝධතා පැවැත්වූයේ ඔවුන් අසීමිත අයුරින් ජීවිතයේ දුක් විඳින බැව් පෙන්වා දීමට වන බවයි.

එබැවින් හදිසි නීතිය පැනවීමෙන් අර්බුදයන්ට විසඳුම් සෙවීම දුෂ්කර බව ද හෙතෙම පෙන්වා දෙනු ලැබේ.

Related posts

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශයෙන් අවසර

colombotoday

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

colombotoday