65 සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව අසා ශ්‍රීලනිප ඇමතිවරුන් කදුළු සැලූ බවට ඊයේ පෙරේදා මතුවූ පක්ෂයේ කණිෂ්ඨයෙක් පවසා ඇති බවත්, මුළු රටටම හඩන්න වෙන දිනය වැඩි ඈතක නොවන බවත් පිවිතුරු හෙළ උරුමය පවසයි.
බණ්ඩාරණායක ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති වත්මන් ශ්‍රීලනිප නායකයන් විසින් පාවා දී ඇති බවත්, ශ්රීලනිපය සිරිකොත ශාකා සමිතියක් බවට පත්කර ඇති බවත්, දර්ශනයක් නැති, අරමුණක් නැති ගමනකට ශ්රීලනිපය අවතීර්ණ වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
[fbvideo link=”https://www.facebook.com/PivithuruHelaUrumaya/videos/921822161255393/” width=”500″ height=”400″ onlyvideo=”1″]