ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදීඅදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් තමන් මෙමතීරණයට එළඹි බවය.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බිහිවන නව පක්ෂයේ ලේකම් දුරය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට හිමිවන බව ඒකාබද්ධ විපක්ෂ ආරංචිමාර්ග පවසයි.