Colombo Today Local News

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

මහබැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පෙනී සිටියා.

ප්‍රශ්න කිරීම උදෑසන 10.30 ට පමණ ආරම්භ වූ අතර, මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් වාර්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා.  ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට ලැබී ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමාත්‍ය රවී කරුණානායකගේ සහ අර්ජුන් ඇලෝසියස්ගේ ගුවන් ගමන් බලපත්‍ර වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවකින්, අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් අවස්ථා 13කදී එකම අවස්ථාවන්හීදි සිංගප්පූර්වේ රැඳී සිට ඇති බවද කොමිසම හමුවේ අනාවරණය කර තිබෙනවා.

මෙම අවස්ථා 13 න් එක් අවස්ථාවකදී හෝ දෙදෙනා සිංගප්පූර්වේදී හමුවූයේ දැයි කොමිසම අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් මතක නැති බවයි.

කෙසේවෙතත් අමාත්‍ය රවී කරුණානායකගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතිනවා.

Related posts

ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

colombotoday

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

සංඛ්‍යාලේකන විකුර්ති කර කොරෝනා දිනන්න සිතීම විහිළුවක්. – රතන හිමි ප්‍රමුඛ ආණ්ඩුවේ විකල්ප කණ්ඩායමෙන් ජනපතිට රතු එලි

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

ජෝන් මහත්තයාගේ වයර් මාරු වෙලා.. 70, 80 පැන්නම ඔහොම තමා.. මාධ්‍යවේදීන් ඔහුව අවුස්සනවා

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin