හෝමාගම ශ්රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ හෝමාගම ප්රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේනට යවන බවද හෙතෙම කියා සිටියේය.