Colombo Today Local News

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ ඒ බව කියා සිටියේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් අද (මාර්තු 13) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

“හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය එහෙම්පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මේ වසරේ පුංචි ඡන්දය නැහැ :

මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව පැවසූ බෙල්ලන්විල විමලරතන හිමියන්, තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය.

“ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නේ මොන විහිළුවක්ද?” උන්වහන්සේ ප්‍රශ්න කළහ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් ආයතනවල ක්‍රියාකාරිත්වය ඇණහිට ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ මේ වසරේදීත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව කියා සිටියහ.

“මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ” යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(බීබීසී සංදේශය)

Related posts

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

Admin

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

මව්බිමට එරෙහිව ක්‍රිස්තියානි එවැන්ජලික සන්ධානය ඇමරිකාවට බොරු කේලාම් කියයි.

colombotoday

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday