EntertainmentGossip

“අහස හැඬුවා දෝ” – විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක්

https://www.youtube.com/watch?v=k5ZbjkvI_OM&app=desktop%20

“අහස හැඬුවා දෝ” නමින් විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක් එළිදක්වා තිබෙනවා. එම ගීතය එලි දක්වමින් එහි නිෂ්පාදක ජගත් කරුණාජීව මහතා සටහනක් එක් කර තිබුනේ මෙසේය…

“කොහෙන් කොතනින් මේ කතාව ආරම්භ කරන්න දැයි මට නොතේරේ.ගෙවීගිය මාසයක කාලය තුල දින 14 ක් ලංකාවේ විවිධ පළාත්වල කඳු ,හෙල් ,ගංගා ,දිය ඇලි ,වන ගහනයන් තුළ සතා සිව්පාවුන් මැද ගෙවූ දුෂ්කර කාල සීමාව ගෙවී ගියේ සිතට වේදනාවක් ඉතිරි කරමිනි.මගේ රට කියා ඔබට මට උජාරුවෙන් කීමට ඇත්තේ තව ඉතාමත් සීමිත දින ගණනකි.ඔබේ මගේ දරුවන්ට ගහ කොල වනාන්තර සහ සතුන් පෙන්නීමට අපට විදේශයන් ට යෑමට සිදුවෙන දිනය වැඩි ඈතක නොවේ.ලංකාවේ වන විනාශය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී.තිත්ත ඇත්ත නම් මේ රටේ බල ලෝභයෙන් මුදල් පසුපස හඹා යන දේශපාලුවන්, ඔවුන්ගේ හිතවතුන් ,පරිපාලනයට සම්බන්ද අය නිසා නීතිය ක්‍රියාත්මක නොවන බව සමහර තැන් වලදී පසක් කොට ගතිමි.මේ දැනුත් සන්චාරක හෝටල් ,නිවාස ව්‍යාපෘති ,සහ විවිධ කර්මාන්ත ශාලා ඉදිකිරීමට වනාන්තර විනාශ කරමින් පවතී.තම පක්ෂය,බලය , රැක ගැනීමට මිස මේ රටට ආදරය ඇති දේශපාලකයන් නැති බව මේ ගමනින් මා පසක් කොට ගතිමි.මේ රටේ ඇත්ත ප්‍රකාශ කිරීම අතුරුදහන් වීමට හේතුවක් බව දැන දැනත් මේ නිර්මාණයෙන් අපට ඔබට පෙන්වා දීමට ඇත්තේ විනාශවන ලංකාව පිළිබඳව ඔබේ ඇස් ඇරවීමයි.මෙය යුතුකමක් ලෙස සලකා කරන ලද දෙයක් මිස මෙයින් රින්ගින්ටෝන් හෝ වෙනත් මුදල් ඉපයීමක් කරන්නේ නැත. එබැවින් කරුණාකර එම ව්‍යාපාර කරන්නන් මේ නිර්මාණය පිළිබඳව අපගෙන් නොවිමසන්න.මේ නිර්මාණයේ අදහස තනුව හා අනුග්‍රහය ජාධු අය්යාගේය. වන විනාශයට තරයේ විරුද්ධ ඔහු මුස්ලිම් ජාතිකයෙකි.අප වෙනුවෙන් සියළු වියදම් දැරුවේ ඔහුය ,යන එන තැන් සොයා බැලුවේ වගකීම කරට ගත්තේ ඔහුය ඒ උදාර අරමුණ අපට මග පෙන්වීය.ගීතය ලියූ දෙනුවන් මල්ලීත් සංගීත නිර්මාණ කර ගායනය කරන දුලිප් මල්ලීත් රෑ නිදිවරමින් මේ නිර්මාණය අපට කරදුන්නේ ඉමහත් සතුටිනි. නම් ගම් ලේබල් ගසා ගැනීමට අපට, ජාදු අය්යාට මෙන්ම ඔවුන්ට ද අවශ්‍ය නැත.ඔවුන් දෙදෙනා කතෝලිකයන්ය ,video ව කල මමත් මගේ සගයා මනෝජ් මල්ලීත් බුදුන් වහන්සේ ගේ දර්ශනය අනුගමනය කරනන්ය,අප සියල්ලන්ගේම අරමුණ මේ විනාශය නැවත් වීමයි.මේ රටේ ජාති ,ආගම් ,කුල ,මල ,පන්ති, භේද ඔබට අපට නැත, ඇත්තේ දේශපාලුවන්ටය. ඔවුන් අප පාලනය කිරීම සඳහා අන්තවාදීන් ලවා අප අතර ප්‍රශ්ණ ඇතිකරති . ඔබත් මමත් තේරුම් ගත යුත්තේ එයයි .ලණුව කනවාද කියා තීරණය කල යුත්තේ ඔබයි.

“ස්තුතිය”
උතුම් අරමුණකට අප මෙහෙයවූ ජාධු අය්යාට ,සමිතා අක්කාට , මගේ සොඳුරු මාධ්‍ය මිත්‍රයා සමන් එදිරිමුණිට සහ උඩවලවේ ඔහුගේ මිත්‍රයාට( අප උඩවලවට යන බව අසා සියළු පහසුකම් සකසා තිබිණි ) ආකාශ් මල්ලී ට ,අම්බලන්තොට අය්යාට ,මල්ලී ට ,නංගීට සියළු ගම් වාසීන්ට ,හම්බන්තොට ,කොග්ගල ,මාතර ,ගාල්ල ,කුරුණෑගල,මහනුවර (අනුර මිත්‍රයාට) උදව් කල සැමට ,සිංහරාජය ගම්වාසීන්ට ,නෙළුව පොලිස්ථානයේ නිළදරුවන්ට , මනෝජ් මල්ලීගේ පව්ලේ සැමට සහ මිත්‍රයන්ට,මගේ සියළු මාධ්‍ය හිතවතුන්ට,සේනේ මාමා ,ශාන්ත අය්යා සහ පව්ලේ සැමත් ,අම්මා ,අප්පච්චි ,අය්යා ,ජීවනී නංගී,සුරංග මල්ලී ,ජනිත් මල්ලී ඇතුළු සැමට සහ ලංකාවේ විවිධ පළාත්වල සිට A t m වලින් ඇගේ ගිණුමේ ශේෂය අඩු කරද්දී ත් වචනයක් වත් නොකියා දරුවෙකුගේ වගකීම තනිවම බාරගත් මගේ ආදරණීය බිරිඳට. නොනිදා ,නොකා නොබී පාන්දර 3 ටත් මා සමග හකුරු කන්ද තරණය කළ මගේ හෙවනැල්ල සේ මා සමග මේ අභියෝගය බාරගත් මනෝජ් මල්ලීටත් දවස් ගණනාවක් සංස්කරණය කරමින් ළඟ හුන් තරංග මිත්‍රයාටත් බෙහෙවින්ම ස්තුතියි.

 

 

Related posts

ලොව බලවත්ම සෙල්ෆිය “පුටින් සෙල්ෆි”

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

colombotoday

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

colombotoday