ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා යුද හමුදාවේ අධීක්ෂණය යටතේ වගා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එහි පළමු පියවර ලෙස මතුගම ප්‍රදේශයේ අක්කර හැටක කංසා වගා කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා මෙතෙක් ලබාගත්තේ උසාවිය මගින් රාජසන්තක කරනු ලබන නීති විරෝධීව වගා කළ කංසා බවත් ඒවා ලබාගන්නා විට ගුණාත්මක බව බොහෝ සේ අඩුව ඇති බැවින් ඖෂධ සඳහා යොදාගැනීම අපහසු බව ආයුර්වේද වෛද්‍යවරුන් පවසන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම සඳහා තම අමාත්‍යාංශය තීරණය කළ බවද දොස්තර රාජිත සේනාරත්න ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.