Colombo Today Local News

ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයි

ඉන්දියාව සමග අත්සන් කිරීමට සූදානම් වන ETCA ගිවිසුමට එරෙහිව මෙරට උගතුන් හා සිවිල් සංවිධාන ඇතුළු වෘත්තිකයන් එක්ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ප්‍රතිපත්තියක් නැතිව කටයුතු කිරීමෙන් වරප්‍රසාද ලබන විද්වතුන් යැයි කියා ගන්නා පරිස්වලින් ලැබෛන උපදේශනයන් හේතුනේ මෙරට සම්පත් කුණු කොල්ලයට විකිණෙන්නේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

මෙම ගිවිසුම අත්තනෝමතිකව අත්සන් කිරීමට කටයුතු කළහොත් දේශිතෛෂී වෘත්තිකයන්ගේ බලය ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම මේ මස අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ සදහා ද්වීපාර්ශවීය සාකච්ඡා නුදුරේදීම ඇරඹිමට නියමිතය.

Related posts

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

ආර්ථිකය විතරක් ගොඩ දාලා ඵලක් නෑ

Admin

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday

“එලවා දමමු දැන් රට කන මේ හැත්ත..” – ජනපති අමුතු කවියක් කියයි (Video)

colombotoday