මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාගේ සුවදුක් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ගාමිණි ලොකුගේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. ඒ ඊයේ (13) පස්වරුවේයි.
වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේදී මන්ත්රීවරුන් දෙදෙනා දුමින්ද සිල්වාව හමුවී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.