Colombo Today Local News

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

jo hakmana

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 65 වන සංවත්සරය පවත්වද්දී පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ පළමු ආසන් බල මණ්ඩලය පිහිටුවන අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂ පළමු ආසන බලමණ්ඩලය ලෙස හක්මණ ආසනයේ පස්ගොඩ ප්‍රාෙද්ශීය සභා බල මණ්ඩලය, ඌරුබොක්ක සමුකිරණ රැස්වීම් ශාලාවේදී රැස්විණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද ඒ සදහා සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට බලය හිමි කණ්ඩායමේ අවශ්‍යතාවය යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීම බවට එහිදී චෝදනාවක් එල්ල කළ ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ කවරක්දැයි අවබෝධ කරගත යුතු බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුවට සහාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ රටට සිදුවූයේ හානියක් බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

ඉන්දීය ධීවරයන් 23ක් උතුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

colombotoday

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin