Colombo Today Local News

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ඊයේ(29)දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිඛේ.

එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී එම යාත්‍රාව තුළ තිබී නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ට්‍රැම‍ඩෝල්‍‍ හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධ පෙති(Tramadol Hydrochloride Tablets) 11750 ක්, දුම්වැටි එතීම සඳහා භාවිතා කරණු ලබන කොල අඩංගු පෙට්ටි 944 ක් (Cigarette Rolling Paper), ජංගම දුරකථන දෙකක් (02), ශ්‍රවණ උපාංගයක් (Wireless Head Set ) සමඟ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකරුවන් දෙදෙනා වයස 21ක් වන සිලාවතුර පුදේශයේ පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කළ භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පරයානකුලම් පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාරදී ඇත.

Related posts

සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !

colombotoday

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

colombotoday

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

කටුනායක ගුවන්තොටේ විදුලිය විසන්ධි වෙයි !

colombotoday

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday