අද (6) හෙට (7) හා අනිද්දා (8) දිනවල දෛනිකව පැය තුනයි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මන්ඩලය පවසයි.
ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.