Colombo Today Local News

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

ශ්‍රී ලංකා රජය විසින් යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට ලබා දී ඇති පොරොන්දු ඉටු නොකළහොත් ජී. එස්. පී. ප්ලස් සහනය අහිමි වනු ඇති බව මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විවිධ පොරොන්දු ලබා දී අතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් දෙවතාවක් නිවේදන නිකුත් කර ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

එසේම අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතා වෙත මාරුවීමෙන් ජාතික සංහිදියාව සම්බන්ධව මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අඩපනවීමේ අවධානමක් මතුවිය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

Related posts

ශාෆ්ටර්ගේ මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට

Admin

අමාත්‍යංශ හතරක ලේකම්වරු දොට්ට

colombotoday

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

colombotoday