Colombo Today Local News

සුළු ආගමිකයින් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනු – ඇමරිකාව ශ්‍රීලංකා රජයට දන්වයි

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ පාර්ශව වලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සුළුතර ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින් ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාවය සාමයටත් සහජීවනයටත් අවශයයි. ශ්‍රී ලංකා රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මානව හිමිකම් සහ සියලු පාර්ශවවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුයි”.

Related posts

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday

තියුණු ආයුධ සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලේදී අත්අඩංගුවට…

colombotoday

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday