Colombo Today Local News

බෝගම්බරින් පැනයාමට තැත්කල සිව්දෙනෙකු අල්ලයි

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට උත්සහ කළ රැඳවියන් සිව් දෙනෙකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් අද (29)දින සමත්ව තිබේ.

මහනුවර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන ඹධ්‍යස්ථානයේ කුටියක රඳවා සිටි මොවුන් එහි දොර කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරය තුළ පිහිටි එළිමහන් ප්‍රදේශයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එය දැක අහසට වෙඩි තබා ගැනිමෙන් ඔවුන් පාලනය කර ගැනීමට හැකිවි තිබේ.

බෝගම්බර බන්ධනාගාරයේ මේවන විට රැඳවූවන් 310 පමණ සිටින බව වාර්තා වෙයි.

පසුගිය දිනකද රැදවියන් තිදෙනෙකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පළා යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේ එක් අයෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

Related posts

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

කුවේටයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඥානසාර හිමි කුවේට් එම්බසියට

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday