World

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

ul333තමන් බලයට පත්වී මසක් ඇතුළත අයි.එස් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය විනාශ කරන දමන බව ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වූ වහාම සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් කැදවා අයි.එස්. ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විනාශ කිරීම සදහා පුළුල් සැලසුමක් සකස් කරන බවයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හරහා ජාතිවාදය හා ආගම්වාදය පතුරවමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් රාද් හුසෙන් දැඩිලෙස චෝදනා කර තිබෙනවා.

ඕලන්ද අන්ත දක්ෂිණාංශික නායක ග්‍රීට් විල්ඩර්ස් සහභාගී වූ සැසියක් අමතමින් මානව හිමිකම් මහ කොමසාරිස් වරයා සදහන් කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් “නින්දාසහගත වාර්ගික හා ආගමික අගතීන්“ පැතිරවීමට කටයුතු කරමින් සිටින බවයි.

Related posts

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

colombotoday

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

ISIS (ඉස්ලාම් රාජ්‍ය) විනාශ කරන්න ලෝකයම එකතුවන්න UN ආරක්‍ෂක මණ්ඩලයේදී ඒකච්ඡන්දයෙන් සම්මතයි

colombotoday