Colombo Today Local News

පාසල් සිසුන්ගේ පැමිණීම ස්ථාවර තත්ත්වයකට – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් වෙත සිසුන් පැමිණීම ස්ථාවර තත්ත්වයකට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඊයේ(27) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාසල් සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයන්වල ඉහළ අගයන් සටහන් වූ බවය.

ඒ අනුව ඊයේ දින සිසුන් පාසල් වෙත පැමිණීමේ ප්‍රතිශතය 48% කි.

එදින ගුරුවරුන්ගේ පැමිණීම සටහන් වී ඇත්තේ 78% ක් ලෙසය.

දකුණු පළාතෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පැවසුවේ, නැගෙනහිර, සබරගමුව, ඌව හා උතුරු මැද පළාත්වලින් පාසල් සිසුන් පැමිණීමේ වැඩි ප්‍රතිශතයන් වාර්තා වන බවයි.

Related posts

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

colombotoday

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin