Colombo Today Local News

ඉන්දියානු ඉල්ලීමට හිස නැවෙයි.. තමිල්නාඩු මාලු හොරු 73ක් නිදහස් කරයි !

india fishermanමෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 70කට අධික පිරිසක් නිදහස් කිරිමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

මෙලෙස නිදහස බලන්නේ පසුගිය ජුලි මස 15 වන දින සිට 21 වන දින දක්වා අත්අඩංගුවට ගත් ධීවරයින් ය.

ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් විමර්ශන සඳහා ධීවර පරික්ෂක කාර්යාල වෙත භාරදීමෙන් අනතුරුව රඳවා තබා තිබුණි.

ඔවුන් නිදහස් කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දිය රජය ඉල්ලීමක් ද කර තිබූ අතර එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම ධීවරයින් නිදහස් කිරීම සඳහා විරුද්ධත්වයක් නොමැති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම ධීවරයින් 73දෙනා නිදහස් කර ඔවුන්ගේ මව් රට වන ඉන්දියාවට භාරදීමට නියමිතය.

Related posts

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

colombotoday

මිස්ටර් මහ බැංකු රවී කරුණානායක, හැකිනම් උතුරු කොළඹ දිනලා පෙන්නන්න

colombotoday

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday

ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට

colombotoday

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

ඊළම ඉල්ලන විජයකලා ඇමතිකමින් නෙරපා රටින් පිටුවහල් කරන්නැයි ඉල්ලයි

colombotoday