Colombo Today Local News

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනෙකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නිති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නිතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ප්‍රියන්ත නාවන මහතාගේ අත්සනින් යුත් උපදෙස් ප්‍රකාරව මෙම සැකකරුවන් 14 දෙනා නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන තෙක් ඔවුන් රක්ෂිත භාරයේ රදවා සිටි බවත්, මෙම සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් නිතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති අතර තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විමර්ශන අවසන් නොවුණු සැකකරුවන් මහාධිකරණ ලද ඇප නියෝගයට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් 07 දෙනකුට ඇප නියම කිරීම ද අධිකරණය මගින් සිදුවිණී. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

colombotoday

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday

“ජනවාරි 8 මහින්ද දිනුවානම් රට අරාජිකයි.. අපි යහපාලනය ගෙනත් රට බේරාගත්තා” – ඇමති චම්පික

colombotoday