Covid 19

රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

සංචරණ සීමා නවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන ද වසා තැබිය යුතු වන්නේ එයින් ද වෛරසය පැතිර යාමවැඩි විය හැකි නිසා යැයි ද රෝහණ මහතා සදහන් කරයි.

එමෙන්ම, පුත්තලමේ පදිංචි ධීවරයින් අතර කොවිඩ් 19 වසංගතය පැතිර යාම සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වා දී තිබේ.

ධීවර කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් සිටිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉතා තදින් අනුගමනය කරන්නැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහි ධීවරයින් ගෙන් ඉල්ලා සිටිති.

Related posts

සතියක් තුළ දරුවන් අතර කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් ?

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

colombotoday