Colombo Today Local News

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද පොංගු තමිල් උත්සවයේ 17 වැනි වර්ෂය සැමරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකරන ලද පොංගු තමිල් ස්‌මාරකය ඊයේ (17 වැනිදා) උදැසන විවෘත කරනු ලැබීය.

මෙම ස්‌මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් බොහෝ නීති හා තහංචි ඉදිරිපත් වූවත් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සියලුම විරෝධයන් පසෙකලා මෙම පොංගු තමිල් ස්‌මාරකය ඉදිකොට එය විවෘත කරනු ලැබීය.

2001 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද zපොංගු තමිල්Z ප්‍රකාශනයට අනුව “දෙමළ ජාතීන්ගේ අභිලාසයන් වන ස්‌වයං නිර්ණය සාම්ප්‍රදායික මව්බිම දෙමළ ජාතිකත්වය යන අයිතීන් රජය විසින් පිළිගත යුතුව ඇතැයි” යාපනය විශ්වවිද්‍යාල භූමියේදී විවෘත කරන ලද පොංගු තමිල් ස්‌මාරකයේ සඳහන් කොට තිබේ.

Related posts

“උතුරේ තත්ත්වය ඉතා යහපත්.. හමුදාව යටතේ ඇති ඉඩම් තවදුරටත් බෙදා දෙනවා” – ආරක්ෂක ලේකම්

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

“තම හමුදාව එරෙහිව බොරු සාක්ෂි දුන් එකම ෆීල්ඩ්මාර්ෂල්..” ෆොන්සේකා ඉතිහාසගතවෙයි !!

colombotoday

කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. අපි බඩගිනි නිවා ගත්තෙ දානෙ කාලා – විමල්

colombotoday