Colombo Today Local News

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

rajitha_senarathne

හිටපු එජාප ඇමතිවරයකු හා කතානායකවරයෙකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ පුත් ඇන්තනි පෙරේරා මහතාව පසුගියදා හදිසියේම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) කැඳවා තිබේ.

ඒ, ඇමති රාජිත සේනාරත්න මහතා ධිවර ඇමතිවරයා ලෙස කටයුතු කල සමයේ එම අමාත්‍යංශය තුල සිදුවී ඇතැයි කියන බරපතල වංචා දුෂණ රැසක් සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සඳහා කට උත්තර ලබා ගැනීම සඳහාය.

යහපාලන දින 100 ආණ්ඩුවේ ධිවර ඇමතිවරයා ලෙස කටයුතු කලේ ජෝෂප් මයිකල් පෙරේරා මහතා වන අතර, ඔහුගේ පුත් ඇන්තනි පෙරේරා මහතා එම කාල සීමාව තුල ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේය.

රාජපක්ෂ පාලන සමයේ ධිවර අමාත්‍යංශයේ සිදුව ඇති බරපතල වංචා දුෂණ රැසක් සම්බන්ධයෙන් තොරතුරු ඇන්තනි පෙරේරා මහතා විසින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලබාදී තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඒකාබද්ද විපක්‍ෂයේ සිටින චෝදනා ලද්දවුන් අත්අඩංගුවට නොගන්නේ යයි ඇමති සේනාරත්න විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකින් පසු එම පොලිස් කොට්ඨාශයේ ඉහල නිලධාරියෙක් ඇමති රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිලිබඳ ලිපිගොනු තොගයක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලබාදී ඇත.

Related posts

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday

අද ජාතික ඉන්ධන අවසරපත්‍රයට තෙල් දෙන්න නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන්

colombotoday

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday