Colombo Today Local Newsextremism & terrorism activities

ප්‍රවේසම් වන්න – ශ්‍රී ලංකාවේ අයිසීස් ත්‍රස්ථවාදීයෝ 75ක් රහසේ වැඩ – බුද්ධි අංශ සිදු කළ හෙළිදරව්ව…!!!

ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු පමණ දැනට සිරියාවට ගොස්‌ අයිඑස් ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. මෙම ත්‍රස්ථවාදීන් සිවුදෙනා සමග සෘජු සබඳතා පවත්වන තවත් පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බවද ඔහුන් තහවුරු කර ගනිමින් සිටි.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මේ බව හෙළිවී ඇත.

ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයා ඒ ලෙස හඳුන්වමින් ඔවුන් මෙම විමර්ශනය කරගෙන ගොස්‌ තිබේ.

පසුගිය කාලයේ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සිරියාවට ගොස්‌ ඇති අතර ඔවුන් අබුදුජාන් තජුඩීන්, නිලාම්, ඉෂාන්, නිලාම්, නස්‌තීර් තජුඩීන්, රෝස්‌ සහ අමීන් නමැත්තන් බවද මෙහිදී හෙළිවී ඇත.

මෙම හය දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැත්තෑ දෙනකු පමණද සිරියාවට ගොස්‌ තිබෙන බව හෙළිවී තිබේ.

එසේ සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වී සිටින හය දෙනා අතරින් අබුදුජාන් තජුඩීන් සහ නිලාම් යන දෙදෙනා ප්‍රහාරවලට ගොදුරු වීමෙන් මේ වන විට මියගොස්‌ ඇත.

– නෙත් FM –

Related posts

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday