Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් නිර්දෝශි ලු. බිරිඳගේ නමින් ජනපතිට ලිපියක්. | එලියට ගැනීමේ තුරුම්පු එකින් එක අදියි.

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (03)දින ලිපියක් යොමුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සැමියා අත්අඩංගුවට ගැනීම නාටකයක් බැවින් තම සැමියා වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කරන්නැයි අයේෂා රිෂාඩ් පිටු තුනකින් සමන්විත ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියි.

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන මේ වනවිට ප්‍රශ්න කරනු ලබයි.

Related posts

දිවුලපිටියේ පන්දම් විරෝධයට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැරයෝ පහර දෙයි

Admin

වතු කම්කරුවන්ට සහය දක්වා, යාපනේ, මඩකලපුවේ උද්ඝෝෂණ.. TNAත් සහයට එයි

colombotoday

කළුතර බන්ධනාගාරයට පියඹා ආ පාර්සලය

colombotoday

කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයි

Admin

මඩකලපුවේ මොකද වුණේ… ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

ඉරණතිව් හි කොවිඩ් මළ සිරුරු භූමදානයට දූපත්වාසීන්ගේ විරෝධතාවයක්

colombotoday