විවිධ අපරාධ සිදුකරන පුද්ගලයන්ට දෙවියන් වහන්සේ විසින් දඩුවම් ලබා දෙන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහක් කර සිටියේ.
ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ විරෝධතාවයකදී යකඩ වැටක් පෙරළී දෙතුන් දෙනෙකුට රෝහල්ගත වීමට සිදුවූයේ දෙවියන් වහන්සේ ලබාදුන් දඩුවමක් හැටියට බවද, විශ්වවිද්‍යාල සිසුන්ද විපක්ෂයේ පිරිසකගේ පටු දේශපාලන අරමුණුවලට යටත්වී ආණ්ඩුවට එරෙහිව කලබල ඇතිකරන බවද ඇමතිවරයා එහිදි පැවසීය.