Colombo Today Local News

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

etca11

යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම ගිවිසුම් රාමුවක් ලෙස අඟවා අත්සන් කිරීමට සුක්ෂම ලෙස කටයුතු යොදා ගෙන යන බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

මේ දැන ගත සැනින් ජේෂ්ඨ විශ්ව විද්‍යාල ආචාර්යවරු 94 දෙනෙක් එක්ව ඒ සදහා සිය අප්‍රසාදය ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනියට ලිඛිතව දන්වා ඇත.

මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි.

ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්,
විදේශ කටයුතු ඇමතිනී,
නවදිල්ලි
ඉන්දියාව.

මැතිනියනි,

යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම නොකරනු.

යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් සංවේදී ජේ්‍යෂ්ඨ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් ලෙස ඔබතුමියගේ අවධානය යොමු කරවීමට අදහස් කළෙමු.

උක්ත ගිවිසුම සම්බන්ධයෙන් ඉතා දැඩි විරෝධයක් අප රට තුල පවතී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇති බහුතර වෘත්තිකයන් පිරිසක් එක්ව මෙලෙස දැඩි විරෝධයක් මින් පෙර අවස්ථාවක දක්වා නොමැත. 2016 මාර්තු 17 දින මෙරට ප්‍රධාන වෘත්තික අංශ සියල්ල කරන වෘත්තීය සමිති 60 කට වැඩි ප්‍රමාණයක් එක්ව දැවැන්ත විරෝධතා රැළියක් කොළඹදී වූ අතර එහිදී දැනට සාකච්ජා කරමින් පවතින ගිවිසුම් රාමුව හෝ ඉදිරියට ගෙන නොයා යුතු බව මෙරට රජයට බලපෑම් කරන ලදී.

අප රටේ ආර්ථික ස්වාධීනත්වය උග්‍ර ලෙස කෙළසීමක් මෙම ගිවිසුමෙන් සිදු වන බව ප්‍රවීණ වෘතිකයන් අති බහුතරයකගේ අදහසයි. මීට පෙර දෙරට අතර අත්සන් කල නිදහස් වෙළද ගිවිසුම ක්‍රියාත්මක කර වසර 15 කට පසුවත් ගිවිසුම් ප්‍රකාර ප්‍රතිලාභ කිසිවක් ශ්‍රී ලංකාවට ලැබී නොමැත. ඉන්දියානු පරිපාලනය ඉතා සූක්ෂම ලෙස ඒ සදහා ක්‍රියා කර ඇත. සැබවින්ම මේ අවස්ථාවේ වැඩි අවධානය යොමු විය යුත්තේ ඉන්දියානු ශ්‍රී ලංකික මුහුදු තීරය ආක්‍රමණය පිළිබඳවයි.

දැනටමත් මෙරට වෘතිකයන් බහුතරය යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණ NUTAසහයෝගීතා ගිවිසුම හේතුවෙන් ඉන්දියාව ගැන දැඩි කල කිරීමට පත්ව ඇත. එය අප රටට එරෙහි ආක්‍රමණයක් ලෙස සලකයි. ගිවිසුම ඉදිරියට ගෙන යාම දෙරට අතර විශ්වාසය පලුදු වීමට තව දුරටත් හේතු වේ. දීර්ඝ කාලීන අනිටු ඵල විපාක රැසක් උරුම කර දේ. දෙරට අතර ස්ථීර අහිතවත්කමක් ගොඩ නැගේ. මේ නිසා කවර හෝ අයුරකින් මෙකී ගිවිසුම අත්සන් නොකරන ලෙස දන්වා සිටීමට කැමැත්තෙමු.

ස්තූතියි,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය
ශ්‍රී ලංකාව

Related posts

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday

රාධා ජුවලර්ස් හි හිමිකරුට රු.7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක්

colombotoday