Colombo Today Local News

මැති ඇමැති පිරිසක් රට පනී ?

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටින්නේය.

රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කළේය.

අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා යම් කාලයක් සඳහා මෙලෙස විදේශයකට ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය.

ලංකාදීප

Related posts

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

colombotoday

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday