Colombo Today Local News

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

විකෘති සැර වෛරස ප්‍රභේද ඇත්දැයි සෙවීමට කොරෝනා ආසාදිතයන්ගේ තවත් ජෛව පටල සාම්පල 90ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

විදේශයන්හි සිට පැමිණි පිරිසකගේ සාම්පල ද ඒ අතර වෙතියි ඔහු කීය.

මෙම ජෛව පටල සාම්පල 90 ලබාගෙන ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලිනි.

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බ්117 සැර විකෘති වෛරස ප්‍රභේදය සහ ලංකාවේ පැතිර තිබූ සාමාන්‍ය වෛරසයේ විකෘතිතා ලක්ෂණ පවතින්නේ දැයි හඳුනා හඳුනාගැනීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ බව චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බ්117 සැර විකෘති වෛරස ප්‍රභේදය දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබුණ ජෛව පටල සාම්පලවල තිබී ජීවන්දර මහතා ප්‍රධාන වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පසුගියදා සොයා ගනු ලැබීය.

කොළඹ බොරලැස්ගමුව, කුරුණෑගල ගාල්ල සහ කළුතර යන ප්‍රදේශවලින් ලැබුණ ජෛව පටල සාම්පලවල තිබී එම සැර විකෘති වෛරස ප්‍රභේදය මෙසේ සොයා ගන්නා ලදී.

මේ අතර මෙම සැර විකෘති වෛරස ප්‍රභේදය වාතය මඟින් ද පැතිරීමේ හැකියාවක් ඇතැයි විවිධ රටවල කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

මේ තත්ත්වය හේතුවෙන් පුද්ගල දුරස්ථභාවය මීටරය නොව ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් තබා ගැනීම වැදගත් බව ඔවුහු සඳහන් කරති.

Related posts

තව ටිකයි..ඉවසීම ඉවරයි ! අන්තවාදයට එරෙහිව මහියංගන බොදු ජනතාව මහ පාරට

colombotoday

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

Admin

රනිල් ගැන පතුරුවන කතා බොරු

Admin

මන්ත්‍රීවරුන්ගේ හැසිරිම නින්දිතයි – බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කියයි

colombotoday

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

colombotoday

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday