ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ද එක්ව සිටි බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.