World

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට ලෝක බැංකුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

එහි ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජනපද වාණිජ මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලෝක බැංකු ප්‍රධානියා මේ බව සදහන් කළේය.

මෙම තත්ත්වයට රුසියානු-යුක්‍රේන යුද ගැටුම් සෘජු බලපෑමක් එල්ලකර ඇති බව ද ඩේවිඩ් මැල්පාස් පෙන්වා දෙයි.

ඒ අනුව ආහාර, බලශක්ති සහ පොහොර මිල ඉහළ අධික ලෙස ඉහළ යාමත් සමඟ මෙම ගෝලීය ආර්ථික අවපාතය ඇතිවිය හැකි බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාගැනීම අතිශය දුෂ්කර වනු ඇති බවද ලෝක බැංකු ප්‍රධානියා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

Related posts

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin