Colombo Today Local News

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සති දෙකක කාලයේදී පමණක් තවත් රුපියල් බිලියන 104ක මුදලක් මුද්‍රණය කර ඇතැයි නිල වාර්තා අනාවරණය කරයි.

මැයි 11 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා වූ කාලය ඇතුළත මහ බැංකුව විසින් මෙම මුදල් ප්‍රමාණය මුද්‍රණය කර ඇත්තේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් ට්‍රිලියනයක මුදලක් මුද්‍රණය කිරීමට සිදුවන බවට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති පසුබිමකය. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දී තිබුණේ ඉදිරි මාසවලදී රටේ උද්ධමනය 40% ඉක්මවිය හැකි බවයි.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරන ලද්දේ රජය විසින් බදු වැඩිකිරීමක් සිදු නොකළ හොත් රජයේ වියදම් සඳහා මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවයි. පසුගිය දෙසතියේ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ මැයි 20 වැනිදාය. එය ආචාර්ය වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක් දිනයකදී මුද්‍රණය කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය වේ. එම අගය රුපියල් බිලියන 85.3කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වසරේ මේ දක්වා ගතවූ කාලයේදී රුපියල් බිලියන 572ක් මුද්‍රණය කර ඇත. 2021 වර්ෂයේදී මුද්‍රණය කර ඇති සම්මත මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2ක් වන අතර 2020 දී එම අගය රුපියල් බිලියන 650කි.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday