Colombo Today Local News

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී තිබේ.

පසුගිය දා ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ජපාන රජය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මැයි 24 වන දින පැවති Quad සමුළුවට සමගාමීව හමු වූ අවස්ථාවේදී ඔවුන් මෙලෙස එකඟතාව පළ කර ඇත.

එහිදී ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාවට අමතරව නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඊට අමතරව, ආරක්ෂක, පිරිසිදු බලශක්ති සහ ආයෝජන ද සිදු කිරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

එම හමුවෙන් පසුව, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට නායකයින් “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවට තහවුරු කළ බව ය.

තව ද ඔවුන් ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන රාමුවක් බවට සංවර්ධනය කිරීම සඳහා එකට වැඩ කිරීමේ අදහස් බෙදා ගත් බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

Related posts

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

Admin

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday