ගම්පොල විවිධසේවා සමූපකාර සමිතියට නියෝජිතයන් පත් කර ගැනීම සදහා පැවති ඡන්ද විමසීමෙන් ඒකාබද්ධ විපක්ෂ පිලට ජය හිමිව තිබෙනවා.
ඒ ඒකාබද්ධ විපක්ෂය 61, එජාපය 22 ක් ලෙසින්.. ශ්රීලනිප ය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකු තේරි පත් නොවීමද විශේෂත්වයක්.
මේ අතර පුත්තලම හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමට ජය හිමිව තිබෙනවා.
ඊට තරග වැදුනු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ආසන 175ක්, එජාප පිලට ආසන 09ක් හා ජවිපෙට ආසන 02ක් හිමිවිය.
ශ්රීලනිප කණ්ඩායම සිවුවැනි තැනට පත්ව ඇත්තේ ආසන එකක් පමණක් දිනාගෙනයි.