බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින ස්ථානය පිළිබදව පොලීසියට හෝඩුවාවක් ලැබී ඇති ඇති අතර, ඒ ඔස්සේ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඥාණසාර හිමියන් අතුරුදහන්ව ඇතැයි පැවසෙන්නේ අනුරාධපුර පැවති ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී ඉබ්බාගමුව ප්රදේශයේ ඇති පොලිස් මාර්ග බාධකය ආසන්නයේදීය.
ඒ අනුව පොලිසිය විසින් ඒ අවට ප්රදේශවල විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර ඇති අතර එම ප්රදේශයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් ගැනද තොරතුරු සොයා බලමින් සිටිති.
ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ විශේෂ ඒකක හතරක් යොදවා ඇත.