Colombo Today Sports News

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්වට නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටු විය.

යුපුන් අබේකෝන් මෙම වාර්තාව පිහිටු වූයේ ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි 6ක කාලයක් සටහන් කරමිනුයි.

ඒ අනුව, මෙම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව ද බිඳ දැමීමට යුපුන් සමත් විය.

යුපුන් බිඳ දැමුවේ තත්පර 10යි දශම 1යි 5ක කාලයක් සටහන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි.

ඔහු පසුගිය වසරේදී ද මෙම ධාවන තරගයට එක් වූ අතර එහිදී තත්පර 10යි දශම 0යි 9ක කාලයක් සටහන් කළ ද සුළඟේ වේගය ධන 2යි දශම 2ක් ලෙස සටහන් වීම නිසා එය ශ්‍රී ලංකා වාර්තාවක් බවට පත් වූයේ නැත.

මේ වනවිට මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන් ය.

Related posts

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

Admin

මෙවර විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58ක ත්‍යාගයක්

colombotoday

කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස්ට කඩුලු 5ක ජයක්

colombotoday

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

colombotoday

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

Admin

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday