Colombo Today Sports News

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේ ය.

ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි ජයග්‍රහණය ද හිමිකර ගනිමිනි.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී පැවති එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 6කිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ය.

ලෝකේෂ් රාහුල් සමගින් නායක රෝහිත් ෂර්මා අතර ඉන්දීය පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11 කි.

රාහුල් ලකුණු 6 කට දැවී ගිය අතර විරාත් කෝලිට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත.

ඉන්දීය නායක රෝහිත් ශර්මා 28 වැනි පන්දුවාර 20යි 20 අර්ධ ශතකය ද සමගින් ලකුණු 72 ක් රැස් කළේ ය.

ඊට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වේ.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 34 යි.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් රැස් කළේ ය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුසංක කඩුලු 3 යි.

නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ය.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 97ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගූ අතර නිස්සංක 20 යි 20 පිටියේ 6 වැනි අර්ධ ශතකය ද සමගින් ලකුණු 52ක් රැස් කළේ ය.

චරිත් අසලංක සහ ධනුෂ්ක ගුණතිලක අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 57යි.

4 පහර 4ක් සහ 6 පහර 3ක් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් වේ.

භානුක රාජපක්ෂ සමග එක් වූ නායක දසුන් ශානක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

රාජපක්ෂ පන්දු 17කින් නොදැවී ලකුණු 25යි.

ශානක පන්දු 18කින් නොදැවී ලකුණු 33ක් රැස් කරගෙන සිටියේ ය.

යුස්වෙන්ද්‍ර චහල් කඩුලු 3යි.

තරගය අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකාව නියමිත ඉලක්කය පසු කළේ ය.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයේ වීරයා බවට පත්විය.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ පකිස්ථානයයි.

Related posts

මළල ක්‍රීඩාව නංවන්න සුසන්තිකා පදනම දමයි

colombotoday

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

ඉදිකෙරෙමින් පැවති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම් තිලංග සුමතිපාල නවතා දමයි

colombotoday

විස්සේ කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරගය අද

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday