Colombo Today Local News

“අර්ජුන් පැන ගියේ නෑ.. එයා ගියේ මගුල් ගෙදරකට“ – අගමැති හෙළිකරයි

ranil-parliment

හිටපු මහබැංකු අධිපතිවරයා ඉකුත් සතියේදී තමාට හමුවූ බවත්, මංගල්‍යයකට සහභාගිවීමට යන බව පැවසූ බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු මහබැංකු අධිපතිවරයා ඉකුත් සතියේදී තමාට හමුවූ බවත්, මංගල්‍යයකට සහභාගී වීමට සිංගප්පූරුවට යන බව පැවසූ බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු අධිපතිවරයා විදේශගතවීම ගැන මාධ්‍ය වාර්තා පළව ඇති බවට පා.ම වීරකුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අගැමතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේ “උදයංග වීරතුංග වගේ පැනලා ගියේ නෑ” යනුවෙනි.

මහබැංකුවේ සිදුවූ මහා පරිමාණ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඊට සෘජුවම වගකිවයුතු බවත්, නීති ප්‍රකාවර ඒ සදහා වහාම පියවර ගතයුතු බවටත් කෝප් කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

Related posts

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මෝදර මයියා හෙරොයින් සමඟ මාට්ටු

Admin

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

colombotoday

කුරිරුලෙස සෞදියේ ගල්ගසා කාන්තාවක් මරා දමන වීඩියෝව

colombotoday