අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බස් ධාවනය නතර කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස් රථ ධාවනය කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් බස් ධාවනය නතර කිරීමට සිදු වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
සෘජුව බස් හිමිකරුවන්ට ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු අතර එසේ සිදු නොවුවහොත් ජූලි මාසයේදී ද නැවතත් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ ය.