Colombo Today Local News

පහරදී ඝාතනය කර පිළිස්සු තරුණයෙකුගේ සිරුරක් පූජා නගරයේ

අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප‍්‍රදේශයේ තිබී පහරදී ඝාතනය කර පුළුස්සා දමන ලද බවට සැක කරන තරුණයෙකුගේ අඩක් පිලිස්සුණු මළ සිරුරක් ඊයේ (24)දින සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දේවානම්පියතිස්ස පුර, තිසාවැව අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඒ.කේ. එම් වපාස් නැමැති විසි එක් හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.

ඉහත ලිපිනයේ නිවසේ පෙරේදා (23)දින රාත‍්‍රියේ මෙම තරුණයා රූපවාහිනිය නරඹමින් සිට ඇති බවත් පසුදා උදෑසන නිවසේ කාමර තුළ නොමැති බව දැන ගත් පසු අවට ප‍්‍රදේශයේ සොයා බලා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පසුව නිවස ආසන්නයේ පිහිටි රක්ෂිත කොටස තුළ තිබී අඩක් පිළිස්සුණු මෙම තරුණයාගේ මළ සිරුර සොයා ගත් බවත් මරණකරුගේ සිරුරේ පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන ලක්ෂණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

Related posts

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

නැවතත් දිනූ පුටින්

Admin

මුජුබර් රහුමාන් ළඟ තියාගෙන හෙළඋරුමයෙන් ගෝඨාභයට දැඩි ප්‍රහාරයක්

colombotoday

ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේ

Admin

මිලියන 1080 කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි..

colombotoday