Colombo Today Local News

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන්(CID) පිටව ගොස් තිබේ.

ඒ, පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි.

පසුගිය 09 වැනිදා ගාලුමෝදර සහ අරලියගහ මන්දිරය අසල විරෝධතා භූමිවල සිටි විරෝධතාකරුවන්ට සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ජෝන්සටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති බවට සැලවීමත් සමග අරගලභූමියේ සිටි තරුණ පිරිසක් ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පිටට පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් විරෝධතාවක නිරත වුහ.

Related posts

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

දෙමල සන්ධානය, නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ සූදානමක් (VIDEO)

colombotoday

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

මුතුරාජවෙල නැවත ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ – රාජ්‍ය ඇමති පවසයි

colombotoday

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin

රවුෆ් හකීම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියි. | නාමල් රාජපක්ෂ කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි.

colombotoday