සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ තීරණයට පිටුපා ආණ්ඩුවට එක්ව අමාත්‍යධුර භාර ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පියවර ගත් බවත් මහලේකම්වරයා පැවසීය.