පසුගියදා පොලිස් වෙඩි පහරින් මියගිය සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි බල කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් අරඹා තිබෙනවා.
සිසුන් විශාල පිරිසක් විසින් A-9 මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින බවයි වාර්තා වන්නේ.
විරෝධතාවය හේතුවෙන් A-9 මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම නතර වී තිබෙන අතර යාපනයේ ප්‍රදේශ කිහිපයක පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර ඊට අතිරේක බල ඇණිද කැදවා ඇත.