ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හෙට (24දින) පෙ.ව 10.00ට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) හමුවට කැඳවා තිබේ.
ඒ අනුව, වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට නියමිත ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත.