Colombo Today Local News

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මොවුන් සතුව හෙරොයින් කිලෝ තුනයි ග්‍රෑම් 507 ක ප්‍රමාණයක් තිබී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොඩගම ප්‍රදේශයේ දී ඉකුත් 18 දින සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 294 ප්‍රමාණයත් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගෙන් හෙළිවූ තොරතුරු මත තවත් සැකකරුවෙකු පාදුක්ක ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් හෙළිවූ තොරතුරු මත පාදුක්ක ප්‍රදේශයේ දී (31)දින කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ හෙරොයින් ජාවාරම උපයා ගත් බවට සැකකරන රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් පොලිස් බාරයට ගෙන තිබේ.

කාන්තාවගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකු බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

Related posts

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

ප්‍රසන්න රණවීරට විවෘත වරෙන්තු!

Admin

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday