නිට්ටඹුව නගරයේ පසුගිය 09 වැනි දා ඇති වූ කලහකාරි සිද්ධියේදී පොළොන්නරුව දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අද උදෑසන නිට්ටඹුව ප්රදේශයේදී ය.
සැකකරු 29 හැවිරිදි නිට්ටඹුව ප්රදේශයේ පදිංචි බස්රථ රියැදුරෙකි.