Business

පෙට්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අද ඇරඹේ

මුදල් ගෙවූ පෙට්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අද (20) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක් පවතින බව එහි සභාපති, සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

මේ අතර අයි. ඕ. සී. සමාගම ඇනවුම් කළ පෙට්‍රල් නෞකාවකින් තොග ගොඩබෑම ඊයේ (19) රාත්‍රියේ ආරම්භ වූ බවද සභාපතිවරයා පවසයි.

ඔහු පැවසුවේ සංස්ථාවේ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර මෙරටට සේන්දු වූ ඩීසල් නෞකාවේ, ඩීසල් ගොඩබෑම මේ වනවිට අවසන්ව තිබේ.

ඩීසල් බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බව ද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබා ගැනීම සඳහා තවදුරටත් දිගු පෝලිම් දැකගත හැකිවේ.

Related posts

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි ගෙන්දගම් දමා වෙළෙඳපොළට දෙන කල්මුණේ ජාවාරම

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

සම්පත් බැංකුව මියන්මාරයේ මෙහෙයුම් කටයුතු අරඹයි.

colombotoday