මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා සඳහන් කරන්නේ, ඉදිරියේදී මෙරට ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මෙවර යල කන්නයේ වගා ඉලක්කය පෙර කන්නවලට සාපේක්ෂව ඉහළ නැංවීමට පියවර ගත් බවයි.