Colombo Today Local News

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

කොටි ත්‍රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු අද මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය කියයි.

‘කොටි කපන වෝ’ යැයි විලාප නගමින් පිරිසක් කෑ ගසන හඬ ඇසී විදුලි වැට ආරක්ෂා කරමින් සිටි සිවිල් ආරක්ෂක සහ වනජීවී නිලධාරින් ඒ බව බක්කිඅල්ල පොලීසියට ඒ බව දැනුම් දී ඇත.

මේ අතර වාරයේ ගම්වාසීන් බියට පත්ව ආරක්ෂාව පතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දුන් බව කියති.

ඒ අනුව අම්පාර සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදා භට පිරිසක් පැමිණ පොලීසිය හා එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.

එහිදී මෙම සැක කරුවන් පැමිණී යතුරු පැදියක් පාපැදි තුනක් සහ ත්‍රිවිලරයක් අවට නිවෙස්වල නතර කර ගොස් තිබියදී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

ඒ අනුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරුවන් හත් දෙදෙනකු දිවුලාන වනාන්තරයට පලා යමින් සිටියදී උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

“මමත් නළුවෙක්…“ වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලයි

colombotoday

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday

අන්තවාදීන්ගේ මත්පෙති සහ වදපෙති ගබඩාවක් අල්ලයි… එක පෙත්තක් බීවොත් ජීවිත කාලයටම දරුඵල අහිමියි….

colombotoday

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday