Colombo Today Local News

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(18)දින පාර්ලිමේතුවේ දී පැවසීය.

එම මුදල ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව අගමැතිවරයා පවසයි.

මේ අතර ණය ගෙවීමට ඩොලර් මිලියනයක්වත් රටේ නොමැති බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපිට එක ප්‍රශ්නයයි තියෙන්නේ, පෙට්‍රල් ගැන. ඒවා විසඳන්නයි මෙතනට ආවේ. පෙට්‍රල් ගැන දැන් කතා කරගෙන යනවා. පෙට්‍රල් නැවකුත් අපිට ගන්න පුළුවන් ද කියලා. දැනට ලෝක බැංකුවෙන් ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බවුණා. ඒ 160 තෙල්වලට යොදවන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් අවස්ථාව දෙන්න තෙල්වලට යොදවන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ඒත් මිලියන 30ක් ගෙවන්න බැරි වුණ නිසා හිරවෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳන්න තමා මෙතනට ආවේ. ඒකයි දෙපැත්තේම සහයෝගය ඉල්ලන්නේ. රජයේ සේවකයින්ට ප්‍රශ්නයක් වුණොත් කතා කරලා ඒ ආධාර මුදල දෙන එක ගැන බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ.”

Related posts

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ විශේෂ දූතයෙක් ශ්‍රී ලංකාවට එයි…

colombotoday

බෙලිඅත්ත කෝච්චි පාර මහින්දගේවත්, අපේවත් අම්මගෙ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙවෙයි – ඇමති අර්ජුන

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday

මම හිරේ ගියෙත් නෑ. චන්ද්‍රිකා වැව පිරිත් කලෙත් නෑ.. දොළුකන්දේ හාමුදුරුවෝ වසර ගණනාවකට පසු මහ කැලයක් මැදදී හමුවෙති

colombotoday

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin